Thursday, March 7, 2013

පාඩම් අංක 3



සෞරග්‍රහ මණ්ඩලය හා පෘථිවියෝ

සෞරග්‍රහ මණ්ඩලය 

සුර්යයා කේන්ද්‍ර කොටගත් ග්‍රහවස්තූන් හා උප ග්‍රහයන් ගෙන් සමන්විතය. මෙය හිරු පවුල ලෙස ද හදුන්වයි. දීප්තිමත් තාරකාවක් වන සුර්යයා වටා ඉලිප්සීය ගමන් මාර්ගයක ගමන් කරන ගෝලාකාර ග්‍රහ වස්තූන් අටකි. මෙම ග්‍රහලෝක අතරින් පෘථිවි ග්‍රහයා සුවිශේෂ වැදගත්කමක් ගනී.

සෞරග්‍රහ මණ්ඩලය

සුර්යයා

  •  
    සෞරග්‍රහ මණ්ඩලය තුල ශක්ති ප්‍රබවය සුර්යයාය
  • දීප්තිමත් තාරකාවක් වන සුර්යයා ගෝලාකාර වස්තුවකි.
  • එහි විශ්කම්භය කි.මී.මිලියන 1.4 ක් පමණ වේ.
  • පෘතිවියේ සිට කිගමී.මිලියන 150ක් පමණ දුරින්සුර්යයා  පිහිටා ඇත.
  •  සුර්යයාගේ මතුපිට උෂ්ණත්වය 6000 c0 කි.
  • සුර්යයාගේ අභ්‍යන්තරයේ ඇති හයිඩ්‍රජන් වායුව හීලියම් බවට පරිවර්ථනය වීමෙන් සූර්යයාලොකය ඇති ‍වේ.
  •  පෘථිවියේ ජීවීන්ගේ පැවැත්මට සූර්යපතනය බලපායි.
  • සූර්යය පතනය යනු පාථිවියට පතිත වන සූර්ය රශ්මියයි.
  •  පෘථිවිය මත විවිධ දේශගුණ තත්වයන් කෙරෙහි සූර්යයා බලපායි.
  • සූර්යයාගේ බලපෑම නිසා විවිධ වෘක්ෂලතා මානව ආර්ථික කටයුතු කෙරෙහි බලපෑම් ඇති කරයි.

ග්‍රහ ලෝක

බුධ

·        සූර්යයාට ඉතාම ආසන්න ග්‍රහ ලෝකයයි.
·        බුධගේ විශ්නම්භය කි.මීත මිලියන 4878ක් .
·        සූර්යයාගේ සිට ඇති දුර කි.මී.මිලියන 57.932 කි.
·        භ්‍රමණයට ගතවන කාළය දින 59 කි.
·        පරිභ්‍රමණයට ගතවන කාළය පාථිවි දින 88කි.
·        අඩන්ගු වායු වර්ග ලෙස ආර්ගන්, නියේන්, හීලියම්
·        චන්ද්‍රයන් නැත.
·        දිවා කාලයේ උෂ්ණත්වය 880 0 F රාත්‍රි කලයේ උෂ්ණත්වය 0 F.



ප්ලුටෝ
                   
      සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයාට ඈතින්ම ග්‍රහ වස්තුව ලෙස ප්ගුටෝ හැදින්විය හැකිය. ප්ලුටෝ පාළු අදුරු ග්‍රහ ලෝකයක් ලෙස සපකු ලබයි.2006.8.24 දින ප්‍රාග් නුවරදී රැස් වු අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය මගින් සෞහග්‍රහ මණ්ඩලයට අයිති නැතැයි තීරණය කර ඇත. ප්ලුටෝ ග්‍රහයා හිරුවටා ගමන් කරන කක්ෂීය මාර්ගය පැහැදිලි නැති ආකාශ වස්තුවක් බැවින් වාමන ග්‍රහයකු ලෙස සලකයි. මේ පිළිබඳව විවිධ මත ඉදිරිපත් වී ඇත.


ක්‍රියාකාරකම

  1. පහත දි ඇති ග්‍රහලෝක වලින් ඔබගේ කණ්ඩායමට දී ඇති ග්‍රහලෝකය පිළිබඳව තොරතුරු එකතු කරන්න.(තොරතුරු ලබා ගැනිමේදී විශ්වාසදායක තොරතුරු ලබා ගත හැකි වෙබ් පිටු භාවිතා කරන්න.)
  2. ඒ තොරතුරු ඇතුලත් කර වාර්තාවක් සකස් කරන්න.
  3. කණ්ඩායමේ සියලු දෙනාගේම නම් වාර්තාව  අවසානයේ සඳහන් කරන්න.
  4. එය පන්තිය සහ කණ්ඩායම් අංකය සටහන් කර save කරන්න.( උදා .GRADE 08 - Group 01  )
  5. save කරන ලද වාර්තාව මා වෙත ඊමේල් කරන්න.මාගේ ඊමෙල් ලිපිනය. ahsumithra@gmail.com
  6. ඔබ සොයා ගත් තොරතුරු අනෙකුත් සියලුම කණ්ඩායම් වෙතද ඊමෙල් කරන්න.

කණ්ඩායම් අංක 01

සිකුරු ග්‍රහලෝකය

කණ්ඩායම් අංක 02
පෘථිවි ග්‍රහලෝකය
කණ්ඩායම් අංක 03
අගහරු ග්‍රහලෝකය

කණ්ඩායම් අංක 04
බ්‍රහස්පති ග්‍රහලෝකය










කණ්ඩායම් අංක 05
සෙනසුරු ග්‍රහලෝකය













කණ්ඩායම් අංක 06
යුරේනස් ග්‍රහලෝකය



කණ්ඩායම් අංක 07
නෙප්චූන් ග්‍රහලෝකය